අලියෙකුගේ සිරුරට ටයර් දමා පුළුස්සමින් සිටියදී මන්නාරම මඩු වනජීවි නිලධාරීන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලැති විදුලි රැහැන්ක වල්අලියා පැටලී විදුලි සැර වැදී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවි නිලධාරීන් හට හසු නොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුළුස්සා දැමීමට උත්සහා කර තිබෙනවා.
අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මොහුව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.මුනාෆ් මහතා නියෝග කළා.
මේ අතර අත්අඩංගුවටගත් සැකකරු විසින් අලියගේ වලිගයේ සහ හිසෙහි තිබූ කෙදි 48 ක් විවිධ පුද්ගලයින් වෙත අලෙවි කිරීම සඳහා නිවසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
Tuesday, January 12, 2016
අලියා මරලා ටයර් දමා ගිනි තියලා (PHOTOS)
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment