පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාල අය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගියදා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල විදෙස්ගතවීමට පෙර පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඉඟිකර තිබේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දී ඇත්තේ වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක විසින් බවද පැවසේ.
ගයාන්ව අනූෂ රැගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමටය. මෙවැනි පන්දු යවන්නකු සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු හෝ නොදන්නා අතරම මොහු කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා නොකරන බවද පැවසේ.
රැකියාව නිරූපිකාවන් දීමයි
අදාල නාමික වේගපන්දු යවන්නාගේ ව්‍යාපාරය වන්නේ නිරූපිකාවන් ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන යාමයි. අදාල ව්‍යාපාරයට අනූෂගේ බිරියගේ සහය ලැබෙන බවද වාර්තා වේ.
මැතිව්ස් - ලසිත් - කුසල් මොහුගෙ ගජයන්
මොහු BMW මෝටර් රථයක් භාවිතා කරන අතර ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්රකටව ඇත්තේ සෙල්ලක්කාර ධනපතියකු ලෙසය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා කුසල් ජනිත් පෙරේරා මොහුගේ කිට්ටු මිතරන් බවද ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
මැතිව්ස් - ලසිත් - ගයාන් - අනූෂගේ අයි.පී.එල්. ගමන අප ඉදිරියේදී හෙළි කරන්නෙමු.
Friday, January 15, 2016
කුසල්ට තරග පාවාදෙන්න මුදල් දෙන්න හැදූ අය ! (Exclusive)
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment