ඔබාමා අවසන්වරට ජාතිය අමතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 13, 2016

ඔබාමා අවසන්වරට ජාතිය අමතයි

ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා අවසන්වරට ජාතිය ඇමතීමට සූදානම් වන බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු සිය ජනතාව අමතා වාර්ෂිකව සිදුකරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකිරීමත් සමඟයි. 

ඇමෙරිකාවට නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම මෙම වසරේ (2016) දී පැවැත්වීමට නියමිතයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයෙකුට ජනාධිපතිවරයෙකු ලෙස තේරී පත්වීමට හැකියාව ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් නිසා ඔබාමා ජනාධිපතිවරයාට මෙම වසරේ දී තම ධූරයෙන් විශ්‍රාම ගැනීමට සිදුවේ.

මෙහිදී බැරක් ඔබාමා මහතා ප්‍රතිපත්ති පිළිබදව සිදුකරන විශ්ලේෂණයකට වඩා සිය ධූරකාලය තුළදී ඇමෙරිකාව වෙනුවෙන් තමා අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබදව ප්‍රකාශයක් සිදුකරනු ඇති බවට ද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad