හුංගම, රුවින්ගම නිවසක නීති විරෝධී ලෙස ගංජා අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය එම නිවස වැටලීමට යාමේ දී බාල වයස්කාර දැරියක් නිවස තුළ අපයෝජනයට ලක් කරමින් සිටි පුද්ගලයෙක් හා ඊට අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය සඳහන් කරයි.
පාලු නිවසක ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව පොලීසිය රහසිගත ව එම නිවස වටලා ගංජා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ විට නිවස තුළ දැරියක් අපයෝජනය කරමින් සිටි පුද්ගලයෙක් හමු වී තිබේ.
ඒ ආසන්නයේ රැකවල් කර සිටි තවත් පුද්ගලයෙක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ වයස අවුරුදු 15 කි. එම නිවසේ ගංජා නොතිබූ බව පොලීසිය පවසයි. අදාළ සැකකරුවන් අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර තිබේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

No comments:
Post a Comment