මාව බඳින්න තරම් විවෘත පිරිමියෙක් ලංකාවේ නැහැ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

මාව බඳින්න තරම් විවෘත පිරිමියෙක් ලංකාවේ නැහැ

යුරේනි නොෂිකා කියන්නේ ක්ෂේත්‍ර කිහිපයකම අත්හදා බැලීම් කරන නෙකෙක්. රංගන සහ නිරූපණ ක්ෂේත්‍ර ඔස්සේ ඇය වඩාත් රසිකයින්ට සමීප වුණත් මෑතකදී සිදු කළ නවතම ගීතය නිසා ඇය ගායන ක්ෂේත්‍රයෙත් අවධානය දිනාගෙන තියෙනවා.

ඒ වගේම යුරේනි නිරන්තරයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන චරිතයක්. යුරේනි තමන්ගෙ ජීවිතයේ විවාහය පිළිබඳව අලුත් කතාවක් කිව්වා. ඒ රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් අතරතුරයි. 

කෙදිනකවත් ලංකාවෙ තරුණයෙකු සමග විවාහ වීමට අපේක්ෂා නොකර බව පවසන යුරේනි බඳිනවා නම් බඳින්නේ විදෙස් රටක තරුණයෙකු බවයි සඳහන් කළේ. ඒකට හේතුවත් පැහැදිළි කළ යුරේනි කිව්වේ තමන් තනියම හැදුනු වැඩුනු නිසාත් තමන් හැසිරෙන සහ ජීවත්වෙන ආකාරය ලංකාවේ අයට ඒ තරම් ගැලපෙන්නෙ නැහැයි කියලා දන්න නිසාත් මේ තීරණය කල්තියාම ගත් බවයි. 

ඒ නිසා තමන්ගෙ හැසිරීම් සහ ජීවන රටාව වඩාත් සමීප විදෙස් ජාතික තරුණයෙකුගේ ජීවන රටාවකට යැයි විශ්වාස කරන බවත් තමන්ගේ ජීවිතයේ විවෘතභාවයට ගැලපෙන පිරිමින් ලංකාවේ නොසිටි යැයි සිතන බවයි ඇය වැඩි දුරටත් පවසන්නේ. ලංකාවේ පිරිමින් විවාහයක් වෙච්චකමන් ගැහැණියව කූඩු කරගන්න උත්සහ කරන බවයි එහිදී වැඩි දුරටත් සඳහන් වුණේ.

1 comment:

  1. ගෑණියෙකුට ඇඳපු මිනිහෙකුගේ පෙනුමක් තියන අපේකම නොදන්න මීහරකෙක්ගේ වගේ දත් තියන කිසිම අංග පුලාවක් නැති මේ පට්ට ගොනාව කවුද ඩෝ බඳින්නේ

    ReplyDelete

Post Bottom Ad