හිරුණිකාගෙන් ලෝක වාර්තාවක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

හිරුණිකාගෙන් ලෝක වාර්තාවක්?

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ලෝක වාර්තාවකට උරුමකම් කියනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ ලොව කෙටිම කාලයක් තුළ ඇප ලැබූ තැනැත්තියට හිමි ලොක වාර්තාව බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ අදහස් පළ කළේ අද (11) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. “අපි දන්නවා සිකුරාදා දිනවල පොලීසියට එන්න කිවුවොත් පොලිසියට යන්න බයයි. ප්‍රශ්න කිරීම් අවසන් වෙද්දී සවස තුන පැන්නොත් ඇප ගන්න විදියක් නෑ. 

අහෝ පුදුමයකි සෙනසුරාදා දවසෙත් රෙජිසිටාර් කාර්යාලය වැඩ. ඇප ලබා දෙන්න කට්ටිය වැඩ. අපිට හරි ආඩම්බරයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලොව කෙටිම කාලයක් තුළ  ඇප ලැබූ තැනැත්තිය බව ලෝක වාර්තාවක් තිබ්බා.” යනුවෙන් ගම්මන්පිල මහතා පැවසුවේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad