ලොකු උණුසුමක් තිබුණ ක්‍රිකට් ඡන්දෙත් ඉවර වුණා. ඡන්දයෙන් දිනපු කස්ටිය සතුටු වෙද්දි පරාජිත අය හිටියේ කනස්සල්ලෙන්. ඉතින් පරාජිත පිලේ ලොකු මහත්තයෙකුට එදා ක්‍රීඩා අමාත්යංශයෙදි ක්රීඩාභාර ඇමැතිසයිස් මහත්තයා අහම්බෙන් වගේ හම්බවුණාලු.
ඒ වෙලාවෙ පරාජිත කණ්ඩායමේ උන්නැහේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඡන්දෙ භාරව උන්න නිලධාරීන්ට ලොකු දෝස්මුරයක් දැම්මා කියලයි ආරංචි…
එයා වැඩ කරපු හැටි වැරදියි. අපි එයා ගැන බලාගන්නම්… මමත් නිකම් ඉන්නෙ නැහැ කියලා… මේ පාරජිත ලොක්කා බරබරය දානකොට ක්‍රීඩා ලොක්කටත් මල පැන්නලු..
“මගේ මිනිස්සු ගැන ඔහේ මොනවා බලාගන්නද… ඒ මිනිස්සු වැඩ කළේ මම කියපු විදියට නීතියට… ඒ හින්දා මගේ මිනිස්සු ගැන මම හොඳට බලාගන්නම්… ඔහේලගෙ මිනිස්සු ටික ඔයා බලාගන්න… ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව…”
ක්‍රීඩා ලොක්ක එහෙම කිව්ව විතරයි “හොඳයි බලමු. හ්ම්…” කියපු පරාජිත කණ්ඩායම් සගයා වාහනයට නැගලා යන්න ගියාලු.
Wednesday, January 13, 2016
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment