පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සැමියා වන හිරාන් යටෝවිට මහතා ඔවුන්ගේ අසල්වැසියකු සමග ඇති වූ ආරවුලක් පිළිබඳව නාරහේම්පිට පොලීසියේ පැමිණිල්ලක් කර තිබේ.
හිරුණිකා මන්ත්‍රීවරිය රැගත් රථය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් පිටවෙද්දී එම නිවාස සංකීර්ණයේ පදිංචි තවත් පුද්ගලයෙකු වාහනයෙන් ඇතුළට පැමිණෙමින් සිට ඇති අතර ගමන් කර ඇති පටු මාර්ගයේ වාහන දෙකකට මාරුවීමට ඉඩ කඩ නොමැති නිසා මුහුණට මුහුණලා නවතා තිබේ. දෙපිරිසෙන් කිසිවෙකුත් අනෙකාට ඉඩ දීමට පසුපසට ගැනීමට අකමැතිවී ඇති නිසායි මෙම ආරවුල ඇති වී ඇත්තේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් යටෝවිට මහතා නාරාහේම්පිට පොලීසියට පැමිණිලි කර ඇති බව පොලිස් මාධ්‍යය ඒකකය තහවුරු කළ අතර පුද්ගලික නාලිකාවක නම සඳහන් කරමින් එම නාලිකාවට මෙම සිද්ධිය පවසා තම නිවස ද ඔවුන්ට නොමිලේ ලබා දී හිරුණිකා සම්බන්ධ තොරතුරු හෙළි කරන්නට කටයුතු කරන බව අනෙක් වාහනයේ පැමිණි පුද්ගලයා තර්ජනය කළා යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සැමියා විසින් නාරාහේන්පිට පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.

No comments:
Post a Comment