ජනපති ඉදිරියේ හතුරෝ මිතුරු වෙයි: නිශාන්තට ඇමතිකම හිමිවෙයි? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 11, 2016

ජනපති ඉදිරියේ හතුරෝ මිතුරු වෙයි: නිශාන්තට ඇමතිකම හිමිවෙයි?

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයට වසරක් පිරීම වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සංවිධානය කොට තිබූ සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. 

ජනවාරි 8 ජයග්‍රහණයට උරදුන් ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුථ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරුම් උත්සවය පැවති අතර උත්සවයේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ මහත්මා ගාන්ධිගේ මුණුබුරෙකු වන ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි මහතා විසින් පවත්වන ලදී.

මේ අතර කාගේත් කතාබහට ලක්වූ කාරණයක් වූයේ ජනාධිපතිවරයාගේ තම වසරක මතක සටහන් එක්කල ඡායාරූප ප්‍රදර්ශනය නරඹන අතරතුරේ සිදු වූ අපුරු සිදුවිමක් පිළිබඳවය. ඒ බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා වන ඉසුර දේවප්‍රිය මහතා සහ තවත් මැති ඇමතිවරු පිරිසක් කතාකරමින් සිටි අවස්ථාවක හිටපු පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද ඒ අසල සිටියේය.

පසුගිය කාලය තුල ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාර සහ අභියෝග කරගත් මේ දෙදෙනා එක් ස්ථානයක සිටීම ගැන කාගේත් අවදානයට ලක්විය.
පසුව එම ස්ථානයට පැමිණි ජනාධිපතිවරයා එය දැක සිනාසී ‘අද හතුරොත් මිතුරෝ වුනාද‘ කියා අසමින් ඒක හොද දෙයක් කියමින් දෙදෙනාම ලඟට ගෙන කරට අතදමාගෙන සිනාසෙමින් කියා සිටියේය. 

පසුව ඉසුර දේවප්‍රිය මහතා මහ ඇමතිවරයා සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අතට අතදී මිතුරු වූ බව දකින්නට ලැබිණි. ජනාධිපතිවරයා සිටියදීම අනෙක් පිරිස ප්‍රකාශ කළේ නිශාන්තගෙන් පවරාගත් ඇමැතිකමත් ලැබුනොත් හොදයි කියායි. 

No comments:

Post a Comment

Post Bottom Ad