කළුතර නගර මධ්‍යයේ පස් මහල් රාජ්‍ය ගොඩනැඟිල්ලක ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්‌ථානයක සේවය කරන මෙම කාන්තාවගේ පැමිණිල්ල මතුගම පොලිසිය කළුතර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්‌කු මහතාගේ උපදෙස් පිට කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වීමට ඇයගේ අනියම් සැමියා වන ලංගම බස් රථ රියෑදුරු පොලිසියට කැඳවූ අවස්‌ථාවේදී ඔහු සිය බැංකුවේ ගිණුමෙන් මුදල් ගෙන ඇය වෙත මුදල් ලබාදුන් ආකාරය පවසා ඇති අතර එම කාන්තාව තමා සමග කැමැත්තෙන් අඹු සැමියන් ලෙස හැසිරුණු වීඩියෝ පටයක්ද ඔහු පොලිසිය වෙත ලබා දී තිබේ.
මේ අනුව කාන්තාවකගේද ඇයගේ අනියම් සැමියාගේද ජංගම දුරකථන ඡායාරූප පිළිබඳව පරීක්‍ෂණ පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස මතුගම අතිරේක මහෙස්‌ත්‍රාත් තරංගා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ ඉංජිනේරු පීඨයට නියෝග කොට තිබේ.
මෙම කාන්තාව ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආදරය කාලයක් දිනාගෙන සිටි බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද වාර්තා වේ.
No comments:
Post a Comment