තැපැල් මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ රාත්‍රී කාලයේ සේවයේ නියුතු වන්නන් හොල්මනක් නිසා භීතියට පත්ව තිබෙනවා.
කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ සහ තැපැල් සේවා අමාත්‍යංශයේ සේවය කරන්නන් දිවා කාලයේදී පවා තනි තනිව සැරි සැරීමට මැලි කමක් දක්වනවා.
මීට හේතු වී ඇත්තේ පසුගිය දිනක රාත්‍රියේ තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතුව සිටි නිලධාරී මහතකුගේ සිරුර මෙම හොල්මන විසින් සූරා තිබීමය. අළුයම 2.30 පමණ මෙම ඔහු මෙම අත්දැකීමට මුහුණ දී ඇතැයි පැවසේ.
මෙම භීතියට ආසන්නම හේතුව එය වුවද මීට පෙරද වෙනත් තැපැල් සේවකයින් කිහිප දෙනෙකුද මෙම හොල්මන දැක ඇතැයි පැවසේ.
මෙම සිදුවීම වීමට පෙර දිනක අළුයම කාලයේ මීට ආසන්න වේලාවකදී මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයද එකවරම ක්‍රියාවිරහත වීම සහ කිසිදු අලුත්වැඩියාවකින් තොරවම නැවත ක්‍රියාත්මක වීමද මෙම හොල්මන විසින් කරන ලද්දක් බව ආයතනය තුළ මේ දිනවල කතාබහට ලක්වන කරුණක් වී තිබේ.
Thursday, October 16, 2014
මිනිස්සු හූරන ලිෆ්ට් නවත්තන හොල්මනක් තැපෑලේ
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment