පෘථිවිය වටා කක්‍ෂගත කළ හැකි ඇමරිකානු ගුවන් හමුදාවට අයත් රහසිගත යානයක් යළි ගොඩබැස ඇතැයි වාර්තා වේ.
X-37B ලෙස හැඳින්වෙන මෙම යානය කුඩා අභ්‍යවකාශ ෂටලයක් ලෙස දිස්වන අතර එය 2012 දෙසැම්බර් 11වනදා කැනවරල් තුඩුවෙන් ගමනාරම්භ කරන ලදී.
මෙය චරපුරුෂ චන්ද්‍රිකාවකට සමාන අයුරකින් ක‍්‍රියා කෙරුණද එහි ඇති විශාල තෙල් ටැංකිය හේතුවෙන් කක්‍ෂ මාරු කරමින් පෘථිවියේ නිරීක්‍ෂකයින්ගෙන සැගවී සිටීමට හැකියාව හිමිව තිබේ.
කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුර විසින් පසුගිය අගහරුවාදා උදෑසන සිට දවල් වන තුරු ඒ අවට ගුවන් කලාපය වසා දමන බවට ගුවන් පරිපාලකයින් වෙත දැනුම්දී තිබිණි.
X-37B කක්‍ෂගත පර්යේෂණ යානය ආරක්‍ෂිතව ගොඩබැස්වීම සඳහා වැන්ඩන්බර්ග් කණ්ඩායම සූදානමින් සිටින බව පසුගිය සතියේදී 30වන අභ්‍යවකාශ ඛණ්ඩයේ අණදෙන නිලධාරී කර්නල් කීත් බේට්ස් විසින් පවසන ලදී.
හිටපු ගුවන් හමුදා අභ්‍යවකාශ විධාන නිලධාරියෙකු වන බ‍්‍රයන් වීඩන් පවසා ඇත්තේ මෙය ඔත්තු බැලීමේ නව තාක්‍ෂණයන් අත්හදා බැලීම සඳහා භාවිතා කරන්නක් බව තමා සිතන බවයි.
මින් පෙර අවස්ථා 2කදී X-37B යානය අභ්‍යවකාශගත කරන ලද අතර මේ අවස්ථාවේදී එය තම කක්‍ෂය මාරු නොකර සති 22ක කාලයක් ගතකිරීම හේතුවෙන් මෙය යම් නිශ්චිත ඔත්තු සේවා ඉලක්කයක් සඳහා යොමු කරන්නට ඇති බව ඔහුගේ අදහසයි.
Thursday, October 16, 2014
ඇමරිකානු ගුවන් හමුදාවේ රහසිගත යානයක් යළි පෘථිවියට
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment