මැලේසියානු ගුවන්යානයේ අභිරහස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 12, 2014

මැලේසියානු ගුවන්යානයේ අභිරහස

හොර පාස්පෝට් එකෙන් ගිය අනෙක් සැකකරු කවුද?

මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ, ක්වාලාලාම්පූර් සිට චීනයේ, බීජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගියදා අතුරුදන් වූ ගුවන් යානය ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළි වී නැත.

නමුත් මේ යානයට වුණ දේ ගැන සැකකළ හැකි යම් යම් හෝඩුවාවල් ගණනාවක් මේ වනවිට අධ්‍යයන මට්ටමේ පවතිනවා.ගුවන් යානය හැරවූ බවක් රේඩාර් පද්ධතියට හසුවූ බව මුලින් කියූ තාක්ෂණික අංශ දැන් මලක්කා සමුද‍්‍ර සන්ද‍්‍රිය දෙසට පියාසර කරන අයුරු රේඩාර් පද්ධතියේ දක්නට ලබුන බවද දැන් අනාවරණය කර තිබෙනවා.

එම යානය මුහුදට කඩා වැටුණු බවද ඉන්පසු සුන්බුන් කිහිපයක් හමුවූ බවද වියට්නාම බලධාරීන් මින් ඉහත ප්‍රකාශ කළද එම තෙල් තට්ටුව පිළිබඳ රසායනික පරීක්ෂාවෙන් හා දොරක කොටස පිළිබඳ කළ අධ්‍යයනයෙන් එය අදාළ යානයේ නොවන බව තහවුරු වුණා.

අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු වලට අමෙරිකාවද ඉදිරිපත් ව සිටින අතර ඒ අනුව අතුරුදන් වූ කලාපය ලෙස සැලකෙන මලයාසියානු අර්ධද්වීපයේ සිට ඉන්දුනීසියානු සුමාත්‍රා දුපත් දක්වා කොටසේ සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

එක් නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ගුවන් යානය මලයාසියාවේ කෝටා බාරු ප්‍රදේශයේදී සිය ගමන් මාර්ගය වෙනස් කර යානය පහළට ගෙන පසු ව මලක්කා සමුද‍්‍ර සන්ධිය දෙසට ගමන් කර ඇති බව ය.

ක්වාලාලම්පුර් සිට චිනයේ බිජිං දක්වා පියාසර කරමින් තිබු යානය අතුරුදන් වන විට වියට්නාමයේ දකුණු දිග කොටස,  මැලේසියාවේ නැගෙනහිර ප්‍රදේශයෙන්  වෙන් වන මුහුදු සිමාවේ ගමන් කර ඇති බවට රේඩාර් පථයේ සටහන්ව තිබූ බව මීට පෙර වාර්තා වුණා. 

මේ අතර අතුරුදන් යානයේ තතු  සොයා මලයාසියාව එහි ගමන්ගත් මගීන්ගේ පසුබිම නිරීක්ෂණය කිරීමට ද ක්‍රියා කර තිබෙනවා. ගුවන් යානයේ අතුරුදන් වීමට බලපෑමක් කළ හැකි  මගීන් එහි ගමන්ගත්තේද යන්න තවමත් එළිවී නැත. 

සොරකම් කරන ලද  විදෙස් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් අතුරුදන් ගුවන් යානයේ ගමන් කළ බව කියන ඉරාන ජාතික මගියා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත් වූ අයෙකු විය හැකි බව මුලින් වාර්තා පළවුණත් ඔහු එවැන්නෙක් නොවන බව පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී පසුව අනාවරණය වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, 19 හැවිරිදි පූරියා නූර් මොහොමඩ් නම් අදාළ තරුණායා ජර්මනියට යාමේ අදහසින් එහි ගමන් කරන්නට ඇති  බවකි වීසා ලබාගැනීමේ අපහසුතාව නිසා හෝර පාස්පෝට් වලින් ගුවන් ගමන්වල යෙදීම දැන් සාමාන්‍ය කාරණයක්වී ඇති බවත් මින් පෙර ඉන්දියාවේ සිදුවූ ගුවන් අනතුරක් අවස්ථාවේ එවැනි මගීන් 10 දෙනෙකු ගැන වාර්තාවූ බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත් සොරකම් කරන ලද ලේඛන භාවිත කරමින් යානයේ ගමන් කර ඇති අනෙක් මගියා කවුරුන් ද යන්න පිළිබඳව ඡායාරූප ඇතත් ඔහු කවුදැයි යන්න ගැන තවමත් කරුණු අනාවරණය වී නොමැත.

ගුවන් යානයේ සිට අතුරුදන් වූවන් 19 දෙනෙකු සතුව තිබූ ජංගම දුරකතන නාද වූ බවට එම පුද්ගලයින්ගේ ඥානීන් දැනුම් දී ඇති අතර එවැන්නක් සිදුවන්නට නම් එම දුරකථන මෙපමණ දිනක් බැටරි බලය නැති නොවී චාර්ජ් කරගෙන සිටීමද අභිරහසකි.

කෙසේ වෙතත් එම දුරකතන ඇමතුම්වල කිසිම අතුරුදන් වූවකු පිළිතුරු දී නොමැත. අදාළ දුරකතන අංක ගැන පරීක්ෂණ පවත්වන්නට මැලේසියානු ගුවන් සමාගමට මෙන්ම චීන පොලීසියට ද ලබා දී තිබේ.
මෙම ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් සංඛ්‍යාව 239 දෙනෙකි.

ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය මේ වනවිට තවත් පරීක්ෂණයක් අරඹා ඇත.

මෙතරම් තාක්ෂණය දියුණු යුගයක දින හතරක් ගත වුව ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබීම පිළිබඳව බටහිර රටවල මහත් ආන්දෝලනයක් මතුව තිබේ. 

මේ වනවිට මැලේසියානු යානාවල ගමන් කිරීමට මගීන් බියක් දක්වා ඇති අතර ඒ නිසා එරට සංචාරක කර්මාන්තයටද බලපෑම් එල්ලවී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad