අෆ්රිඩි ගේ පහරවල් හමුවේ බංගලි තරුණියන් හඬා වැටුන හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 5, 2014

අෆ්රිඩි ගේ පහරවල් හමුවේ බංගලි තරුණියන් හඬා වැටුන හැටි

ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබූ අතර ඒ අනුව පාකිස්තානු පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් හිමිකර ගනිමින් අවසන් තරඟයට සුදුසුකම් ලබද්දී පාකිස්තානය තරග හතරෙන් තුනක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. 

 තරඟය පුරා කැපී පෙනෙන පිති හරඹයක නිරත වූ සහිඞ් අෆ්රිඩි මුහුණ දුන් පළමු පන්දු 9 යේදී ලකුණු 35 ක් (6,2,6,1,6,2,0,6,6) රැස් කරමින් බංග්ලාදේශ පිලට ප්‍රභල අභියෝගයක් වුයේය. 

අෆ්රිඩිගේ වේගවත් පිති හරඹය හමුවේ තරඟය නැරඹීමට පැමිණි යුවතියන් හඬා වැටුනේ පහත පරිදිය 





ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය මේ මස 8 වැනිදා මීර්පූර්හිදී පැවැත්වෙන අතර ජනපතිවරයා අවසන් තරඟයට පමිනේදෝ හෝයි සැකයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මේවනවිට බියට පත්ව ඇත. 

මියන්මාරයේ නේපිටෝහි පැවැත්වෙන බිම්ස්ටෙක් තුන්වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනපතිවරයා එම සංචාරය නිමා වීමත් සමග අවසන් තරඟය නැරඹීම සඳහා පැමිණීමේ වැඩි ඉඩකඩක් පවතින බවට මේවනවිට වාර්තා වුවත් එය තවම තහුවුරු වී නොමැත. 

ජනපතිවරයාට අවසන් තරඟය නැරඹීමට නොපැමිණෙන ලෙස ආයාචනා කරමින් ෆේස්බුක් පිටුද මේවනවිට නිර්මාණයකොට ඇත. 



No comments:

Post a Comment

Post Bottom Ad