ඡන්දය ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 4253කදී අද පෙ.ව. 7 සිට
බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 4253කදී අද (28) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සිදු කැරේ.
මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන මේ වනවිට තහවුරු කැර තිබෙන අතර ඡන්ද පොළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් තිස්දහසක් පමණ සේවයේ යොදවා තිබේ.
මීට අමතරව මැතිවරණ රාජකාරියෙහි යොදවා තිබෙන රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව හැත්තෑ දහසක් පමණ වේ. බස්නාහිර සහ සහ දකුණු පළාත් සභා දෙක සඳහා නියෝජිතයන් 159දෙනකු තෝරා ගැනීමට නියමිත ය.
බස්නාහිර පළාතේ කෙළඹ සහ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් නියෝජිතයන් 101 දෙනකු සහ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක සමඟ නියෝජිතයන් 104දෙනකු ද, දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ප්‍රසාද මන්ත්‍රී ධුර ද ඇතුළුව නියෝජිතයන් 55දෙනකුද වශයෙන් මෙසේ තෝරා ගැනෙති.
මෙම මන්ත්‍රී ධුර වෙනුවෙන් දේශපාලන පක්ෂ 24ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් නියෝජනය කරමින් අපේක්ෂකයෝ 3794 දෙනකු ඒ සඳහා තරග වදිති. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා බස්නාහිර පළාතෙන් ඡන්ද දායකයෝ 4,024,614 දෙනෙක් ද, දකුණු පළාතෙන් 1,873,804 දෙනෙක් ද සුදුසුකම් ලබා සිටිති.
බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 420ක් සහ දකුණු පළාතේ මධ්‍යස්ථාන 188ක් වශයෙන් මධ්‍යස්ථාන 608කදී ඡන්දය ගණන් කිරීමට නියමිත ය. ඡන්ද පෙට්ටි සහ ලිපි ද්‍රව්‍ය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යාම ඊයේ (28) පෙරවරුවේ සිට සිදු කැරිණි.
ඡන්ද පෙට්ටි සමඟ ඡන්ද මධ්‍යස්ථාන භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද පිටත්ව යන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කෙළේය.
Friday, March 28, 2014
බස්නාහිර සහ දකුණ පළාත් සභා මැතිවරණය
Tags
# featured
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
featured,
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment