ශ‍්‍රී පාද ස්ථානයේ නව ඝණ්ඨාර කුළුන සහ දොලොස්මහේ පහන ස්ථාපිත කල පසු එහි තිබූ පැරණි දොළොස් මහේ පහන හා ඝන්ඨාර කුලූන අතුරුදහන් වූ බවට ඇතැමුන් ගෙන යන ප‍්‍රචාර ෂත්‍ය නොවන බව ශ‍්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.
උන් වහන්සේ සඳහන් කරන්නේ පැරණි ඝණ්ඨාර කුළුන සහ දොලොස්මහේ පහනහි රත‍්‍රන් මිශ‍්‍රව ඇති බවත් ඇතැමුන් පැවසීම මුසාවක් බවත්, එම පහන හා ඝන්ඨාර කුලූන වන්දනාකරුවන්ට දැකබලාගත හැකි බවත්ය.
උන් වහන්සේ එසේ අදහස් පල කලේ ශ‍්‍රී පාද මළුවේ නව ශෛලමය දොළොස්මහේ පහන හා ඝන්ඨාරය සහිත කුලූන ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි වසර ගණනාවක් පැවති පැරණි දොළොස්මහේ පහන හා කුලූන අස්ථානගත වී ඇති බවටත්, එහි පෞරාණිකත්වයට හානියක් සිදුකර ඇති බවටත් ඇතැමුන් විසින් ගෙනයන ප‍්‍රචාර සම්බන්ධයෙන් කළ විමසුමකදී යි.
‘මේවා ප‍්‍රචාරය කරන කිසිවෙක් මෙහි සත්‍ය අවබෝධ කරගෙන නෙවෙයි මෙවැනි දේ පවසන්නේ. ශ‍්‍රී පාද වාරය අවාරය කියා දෙයක් තිබෙනවා. වාරයේදී වන්දනාකරුවන් පැමිණෙනවා. අවාරයේදී එන්නේ නෑ.
ඔය කියන විදිහට රත‍්‍රන්, මුතු මැණික් ඝන්ඨාරයේ හා පහනේ තිබුණා නම් අවාර කාලයේදී ඕවා ඉතිරි වෙයිද? මෙහි ඇත්ත නොදැන ඔය දුර්ජන පුද්ගලයන් කතා කරනවා. අපි කරපු උතුම් කාර්ය හෑල්ලූවට ලක් කිරීමට වෙර දරපු හැටියි ඒ’ යයිද වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මදින්න හිමියෝ කීහ.
Friday, March 14, 2014
ශ‍්‍රී පාදස්ථානයේ පැරණි ඝණ්ටාර කුළුන, දොලොස්මහේ පහන අතුරුදහන්ද ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment