අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කිසිදු හෝඩුවාවක් නැතැයි වාර්තා වේ.
යානයේ සිටි මගීන්ගේ ඥාති හිතමිතුරන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇමතීමේදී එම දුරකථන නාදවී තිබේ.
මැලේසියානු ගුවන්සේවයේ නිලධාරි හියු ඩන්ලීවි පවසා ඇත්තේ යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දුරකථන වලද තත්වය එසේම බවයි.
කෙසේවෙතත් කිසිවෙකුත් ජංගම දුරකථන වලට ප‍්‍රතිචාර දක්වා නොමැත. සන්නිවේදන විශේෂඥ ඇලන් ස්පෙන්සර් පවසා ඇත්තේ යානය මුහුදට ඇද වැටුණි නම් ජංගම දුරකථන මෙසේ නාදවීමට ඉඩක් නොමැති බවයි.
දුරකථනයක් නාදවීමට නම් එය ක‍්‍රියාත්මක කර තිබිය යුතු අතර දුරකථන සංඥා සහිත කලාපයක එම දුරකථන පැවතිය යුතු වේ.
සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සඳහා ගුවන් යානා කොල්ලකෑ අවස්ථාවේද මෙවැනි අභිරහස් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඒ වන විටත් එම යානා කඩා වැටී තිබිණු බව පැවසේ. පසුව ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඇමරිකාව විසින් යට ගසනු ලැබිණි.
සැප්තැම්බර් 11 පැහැරගත් යානා මෙන්ම මැලේසියානු ගුවන් යානයත් තම සම්පේ‍්‍රෂ ප‍්‍රතිචාරක උපකරණය ක‍්‍රියාවිරහිත කර දැමූ අතර නියමුවන් විසින් කිසිදු අනතුරු ඇගවීමේ පණිවුඩයක් රහිතව සැතපුම් සිය ගණනක් මාර්ගයෙන් වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි හෙළිවී තිබේ.
ඊශ‍්‍රායල් අන්තවාදියෙකු වන ඩොව් සාකීම් නමැත්තෙකු විසින් වර්ධනය කළ දුරස්ථ පාලකයක් මගින් ගුවන් යානය පැහැරගැනීමේ තාක්ෂණය මැලේසියානු යානය සඳහාද භාවිතා කර ඇතැයි ඇතමෙකුගේ අදහසයි.
Friday, March 14, 2014
මැලේසියානු ගුවන් යානය අතුරුදන්වීම 09/11 ඇමරිකානු ප‍්‍රහාරයට සමානයි
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment