පොලිසිය මගහරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවලදී CIDය අත්අඩංගුවට ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

පොලිසිය මගහරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවලදී CIDය අත්අඩංගුවට ගනී



දින 6 ක් තිස්සේ පොලිසිය මගහරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංක දෙක අංශයේ නිලධාරීන් විසින් අද (19) අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.


මොහු මේි වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් ඇති බවද එම වාර්තා ප්‍රකාශ කළා.


නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් මන්නාරම ප්‍රදේශයට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කර තිබුණේ පසුගිය 14 වනදායි.


ඒ අනුව මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් විමර්ශන ක්‍රියාත්මක කළ අතර, ඔහුගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස්වලට විමර්ශන නිලධාරීන් ගියද ඔහු එම නිවෙස්වල සිටියේ නැහැ.


පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාලීන අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයාව සිටි අලගරත්නම් මනෝරන්ජන් සහ රිෂාඩ් බදියුදීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරන් දෙදෙනෙකු පසුගිය 13 සහ 14 යන දෙදින තුළ අත්අඩංගුවට ගෙන පසුව  රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.


ඒ වනවිටත් පොලිසියට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සොයාගැනීමට හැකියාව ලැබුණේ නැහැ.


කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් සී.අයි.ඩීය ප්‍රකාශයක් ලබාගෙන තිබුණේ පසුගිය 15 වනදායි.


පසුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමඟ ඇතිවූ සංවාදයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගිය 16 වනදා ප්‍රශ්ණ කර තිබුණා.


ඊට අමතරව හිටපු අමාත්‍ය රවුෆ් හකීම්ගෙන් ද සී.අයි.ඩීය ප්‍රකාශයක් ලබාගත්තා.


මේ අතර , තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ රිට් පෙත්සම හෙට අභියාචනාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad