නීතිය හෑල්ලූවට ලක්කරන්න එපා! රිෂාඞ් සහ ඔහුට රැකවරණය දෙන අය අත්අඩංගුවට ගන්න... නීතිපති සීඅයිඞීයේ නි. පොලිස්පතිට නියෝග කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 16, 2020

නීතිය හෑල්ලූවට ලක්කරන්න එපා! රිෂාඞ් සහ ඔහුට රැකවරණය දෙන අය අත්අඩංගුවට ගන්න... නීතිපති සීඅයිඞීයේ නි. පොලිස්පතිට නියෝග කරයි

නීතිපතිවරයා ලබා දෙන උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර අප‍්‍රමාදව කි‍්‍රයාත්මක කර නීතියේ ආධිපත්‍යය සුරැුකීම සඳහා වහාම පියවර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා.. මහතා ඊයේ (15 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ මහතාට නියෝග කළේය.
 
 මහතා ඊයේ (15 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ මහතාට නියෝග කළේය.
 
 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ඇතුළු සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවට කැඳවූ නීතිපතිවරයා එම නියෝගය කළේය.
 
 පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය දිනාගත හැකි ආකාරයෙන් මිස මහජන විශ්වාසය බිඳී යන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට ද එහිදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. යුක්තිය ඉෂ්ට වීම ප‍්‍රමාද වීම මගින් යුක්තිය අහිමි වීමක් සිදුවන බවද එහිදී පෙන්වා දී ඇති නීතිපතිවරයා නීතිය උල්ලංඝනය කරන හිටපු ඇමැතිවරයා ද ඔහුට රැුකවරණය ලබා දෙන අයද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය ‘දිවයින’ට ප‍්‍රකාශ කළාය. 

-ඒ. ජේ. ඒ. අබේනායක


No comments:

Post a Comment

Post Bottom Ad