ඇගලුම් කාන්තාවගේ දියණිය ගිය පාසලේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 7, 2020

ඇගලුම් කාන්තාවගේ දියණිය ගිය පාසලේ කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරු වෙයි


දිවුලපිටිය, ශ්‍රී ඥානාවාස මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ආශ්‍රිතව සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන්ට කොරෝනාවෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා සඳහන් කරයි.

දිවුලපිටිය කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණිය එම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම හේතුවෙන් ඔවුහු පෙරේදා දිනයේදී (5) පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරනු ලැබූහ.

ඒ අනුව, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 43 දෙනෙකු, ගුරු මණ්ඩලය සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 58 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කළ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම පිරිස රඳවා ඇති මීගමුව ප්‍රදේශයේ හෝටලයක ඔවුන් තවදුරටත් නිරෝධායනයට ලක් කෙරෙන බවය.

පසුගියදා (4) අදාළ කාන්තාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ ඇය පසුව ප්‍රතිකාර සඳහා අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත යොමු කරනු ලැබීය.

mawbima

No comments:

Post a Comment

Post Bottom Ad