නිරෝධායන නිවෙස්වලට විශේෂ දැන්වීමක්! පිටවීම සහ පිටස්තරයින් ඇතුළුවීම තහනම් - නීති කඩකලොත් වෙන දේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 28, 2020

නිරෝධායන නිවෙස්වලට විශේෂ දැන්වීමක්! පිටවීම සහ පිටස්තරයින් ඇතුළුවීම තහනම් - නීති කඩකලොත් වෙන දේ මෙන්න

නිරෝධායන නිවෙස්වලට විශේෂ දැන්වීමක්! පිටවීම සහ පිටස්තරයින් ඇතුළුවීම තහනම් - නීති කඩකලොත් වෙන දේ මෙන්න

කොවිඩ් වෛරසය හේතුවෙන් නිරෝධායනයට ලක් කරන නිවෙස් වල සෞඛ්‍ය බලධාරීන් විසින් අලවන ලද දැන්වීමට අමතරව තවත් විශේෂ දැන්වීමක් ඇලවීමට තීරණය කොට ඇතැයි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

මෙම දැන්වීම නිරෝධායන හා රෝග වැළක්වීමේ ආඥා පනත යටතේ පොලිස්පතිවරයාට සෞඛ්‍ යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෙගුලාසියේ 37 වන වගන්තිය ප්‍රකාරව කරන ලද බලතල වලට අනුව සිදු කරන ලද නියෝගයක් බව අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

එමෙන්ම, මෙකී නියෝගයට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වන අතර එය වරදක් වේ. එම අලවන ලද දැන්වීමේ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, ග්‍රාම නිලධාරී, යුධ හමුදා නිලධාරී දුරකථන අංක ඇතුළත් වේ. ඒ අනුව, යම් කිසි අවශ්‍යතාවයක් තිබේනම් මෙකී දුරකථන අංක අමතා අවශ්‍යතාවය සඳහන් කර සහන ලබා ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙකී නියෝගයට පටහැනිව ක්‍රියාකරන්නන් හට නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කරන බවත්, නිශ්චල හෝ චංචල දෙපොළක් මුද්‍රා තැබීමට සහ පොලිස් භාරයට ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

එකී නිරෝධායනයට ලක් කොට ඇති එහෙත් COVID-19 රෝග ලක්ෂණ නොමැති අයවලුන් හට ඉතාම හදිසි අවස්ථාවක දී වෙනත් රෝගයන් සඳහා පමණක් රෝහලක් වෙත යා හැකි වුවද පිටතට යාම හෝ එම නිවසට පිටස්තරයින් ඇතුළු වීම සිදු නොකළ යුතු බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

  • කොරෝනා

No comments:

Post a Comment

Post Bottom Ad