හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකියි - ඉදිරියේදී කොරෝනා සමාජ පැතිරීමක් කියා ප‍්‍රකාශ කරන්නට සිදු වේවි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 10, 2020

හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකියි - ඉදිරියේදී කොරෝනා සමාජ පැතිරීමක් කියා ප‍්‍රකාශ කරන්නට සිදු වේවි


හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මෙවන් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ආසාදනය රෝගී පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.
එවන් තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වීමක් ඇතැයි නම් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

නමුත් මේ දක්වා එය සමාජගත වීමක් යැයි කීමට ප්‍රමාණවත් තරම් සාධක නැතැයි ද ඔහු පැවසීය.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad