හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ පරීක්ෂණ කටයුතු අවසන් - CIDය අධිකරණයට දැනුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 23, 2020

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරගේ පරීක්ෂණ කටයුතු අවසන් - CIDය අධිකරණයට දැනුම් දෙයි



ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම තුළින් මිනීමැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.


මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.


එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බවයි.


මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් විමසා ඇති බවත් විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් එම නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.


ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මස 14 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන්නා.


No comments:

Post a Comment

Post Bottom Ad