කරුගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක් ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 26, 2020

කරුගෙන් අලුත් දේශපාලන පක්‍ෂයක් ?

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත පිළිබඳවයි.

කරුගෙන් අලුත් පක්ෂයක් යන සිරස්තලය යටතේ මෙවර ඉරිදා පුවත්පතේ පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍යය

“සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතානායක කරු ජයසුරිය මහතා එක්සත් ජේ්‍යෂ්ඨයන් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක පිහි⁣ටුවීමට සූදානම් වේ. යනුවෙන් එහි අන්තර්ගත කරුණ සම්පූර්ණයෙන්ම අසත්‍යය, පදනම් විරහිතය. මේ රටේ ජනතාව නොමඟ යවන සුළුය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතාට හෝ එම ව්‍යාපාරයට නව දේශපාලන පක්ෂයක් බිහි කිරීමේ කිසිදු අරමුණක් නොමැති අතර ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන යුක්තිය සාධාරණය රජයන ශිෂ්ඨ සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා පූර්ණ වශයෙන් කැපවන බහුජන සංවිධානයක් ලෙස අඛණ්ඩවම ක්‍රියාත්මක වනු ඇත.

ආණ්ඩු බලය සඳහා වන කිසිඳු අරමුණක් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නොමැත. එහි අනාගත ගමන්මඟ ද ඒ අනුවම සිදුවනු ඇත.

එබැවින් දිවයින පුවත්පතෙහි පලවූ එම පුවත මම තරයේ ප්‍රකාශ කරන අතර මේ පිළිබඳව ජනතාව දැණුවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

එහි දී විශේෂයෙන්ම ඉරු දින පුවත් සිරස්තල වැඩසටහන තුල අදාල පුවත හඳුන්වා දීමට කටයුතු කරන්නේනම්, මාගේ මෙම අවධාරණයද පැහැදිළි ලෙස සඳහන් කරනු ඇතැයි අපේක්ෂා කරමි.

පාලිත ලිහිණි කුමාර
ලේකම්
සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය 


No comments:

Post a Comment

Post Bottom Ad