මැතිවරණ උණුසුම මැද වෙඩි කා, මහමඟ මරු වැළඳගත්, SF ලොක්කාගේ මළසිරුර ඔහුගේ මව භාර ගැනීමට බැහැ කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 7, 2020

මැතිවරණ උණුසුම මැද වෙඩි කා, මහමඟ මරු වැළඳගත්, SF ලොක්කාගේ මළසිරුර ඔහුගේ මව භාර ගැනීමට බැහැ කියයි

නුරාධපුරයේදී ඝාතනය වූ එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නම් අපරාධකරුගේ මළසිරුර භාර ගැනීම ඔහුගේ මව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සඳහන් කරනවා.

මොහුගේ සිරුර භාර ගෙන ඇත්තේ සහෝදරයෙකු විසින් බවයි උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සඳහන් කළේ.

එස්. එෆ්. ලොක්කාගේ ඝාතනය මත්කුඩු ආරවුලක් මත සිදුව ඇති බවට සැක කෙරෙනවා.

කායවර්ධන මධ්‍යස්ථානයක සිට නැවත ගමන් කිරීමේදී මෙම ප්‍රහාරයට ඔහු ලක්ව ඇති බවටද ඔහුගේ පෙම්වතිය ද ඒ අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කර ඇති බව පොලිසිය පවසනවා.

පාතාල ක්‍රියාකාරකයෙකු ලෙස නම් දරා සිටි අනුරාධපුර, පවිත්‍රපුර කාර්මික පෙදෙස ලිපිනයේ පදිංචිව සිටි ආර්. එම්. ඉරෝන් රණසිංහ නොහොත් එස්. එෆ්. ලොකු මල්ලි නැමැත්තා පෙරේදා (05) අනුරාධපුර, දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය අසළදී නාඳුනන වෙඩිකරුවෙකු රථයේ යම් ස්ථානයකට ඉලක්ක ගතව එල්ල කළ ප්‍රහාරයකින් රථය ගිනිගෙන දැවුණු අතර මරණකරු රථය තුළම පිළිස්සීමට එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සඳහන් කරනවා.

මැතිවරණය පැවති පස්වැනිදා දිනයේ දහවල් වෙඩි ප්‍රහාරය සිද්ධ වුනා. එස්. එෆ්. ලොක්කා විසින් ලෝක පූජිත කරාතේ වාර්තාලාභී වසන්ත සොයිසා මහතාගේ සමාජශාලාවට 2015 වසරේ ජූලි මාසයේදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, එම වසරේදීම ඔක්තෝම්බර් මස 24 වැනිදා වසන්ත සොයිසා මහතා ඝාතනය කර අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි ඒ මහතාගේ සමාජ ශාලාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සිදු කර තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad