රෝ ඔත්තු සේවාව නිවැරදිම බුද්ධි තොරතුර ලබා දුන්නා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

රෝ ඔත්තු සේවාව නිවැරදිම බුද්ධි තොරතුර ලබා දුන්නා (VIDEO)

රෝ ඔත්තු සේවාව නිවැරදිම බුද්ධි තොරතුර ලබා දුන්නා (VIDEO)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සියලුදෙනාම මිය ගොස් ඇති බැවින් ඒ අය පිළිබඳව ගැනීමට හැකි පියවරක් නොමැති බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙයි.

මෙම ප්‍රහාරය පිළිබඳව ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව ඉතා පැහැදිලිවම තොරතුරු වාර්තා කළ බව පෙන්වා දෙන ඔහු සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුතු ජාතික තවුහිද් ජමාත් සංවිධානය ඉතා කෙටි කලක් තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමට නියමිත බව එම බුද්ධි තොරතුරු වල සඳහන්ව තිබුණු බවද පෙන්වා දෙයි.

වැදගත් කතෝලික පල්ලි වලට සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මෙම ඉලක්ක අතර තිබෙන බවද රෝ ඔත්තු සේවාව රාජ්‍ය බුද්ධි අංශය වෙත දන්වා තිබුණු බවද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad