වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙ‍ෙනක් අධිකරණයට බාර වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 29, 2020

වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු දෙදෙ‍ෙනක් අධිකරණයට බාර වෙයි



අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර සහ නිශාන්ත සේනාරත්න අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.

බන්ධනාගාර රැඳවියන්ට විශේෂ පහසුකම් සැලසු බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වන දා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි..

පසුගිය 24 වනදා මීගමුව බන්ධනාගාරයේ හිටපු ජේලර්වරයෙකු වන කාලිංග කළුඅග්ගල යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැණුනි.

ඔහුව පසුගිය 25 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම ලබන 05 වනදා සිදු කිරීමට ඊයේ (28) අභියාචනාධිකරණය තීන්දු කළේය.

එදින තෙක් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ කෙටි තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කිරීම හේතුවෙන් එම ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරු මඩුල්ල කිසිදු නියෝගයක් නිකුත් කළේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad