හොරකම් කළ අය නිදහස් වෙද්දී බලන් හිටිය අයද හිරේ යන්නේ - මේ මොන නීතියක්ද ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 10, 2020

හොරකම් කළ අය නිදහස් වෙද්දී බලන් හිටිය අයද හිරේ යන්නේ - මේ මොන නීතියක්ද ?

හොරකම් කළ අය නිදහස් වෙද්දී බලන් හිටිය අයද හිරේ යන්නේ - මේ මොන නීතියක්ද ?

බැඳුම්කර ගණුදෙනුව සිදුවන විට වාණිජ බැංකු පැවතියේ රවී කරුණානායක මහතා භාරයේ වන අතර එවැනි තත්ත්වයක රවී කරුණානායක මහතා අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගන්නේ කෙසේදැයි සමඟි ජන බලවේගයේ අපේක්ෂක සුජීව සේනසිංහ මහතා විමසුවේය.

සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළකළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. 

දැන් සිදුවෙමින් තිබෙන්නේ හොරකම කළ අය නිදහස් වී වටේ බලාගෙන සිටි අයට චෝදනා එල්ල වීම බව සේනසිංහ මහතා සඳහන් කළේය.

වාණිජ බැංකු රවී කරුණානායක මහතා යටතේ නොතිබුණා නම් නීතිපතිවරයා ඔහුට එරෙහිව අධි චෝදනා ගොණු කරන්නේ ඇයිදැයි යන්න ද ඔහු ප්‍රශ්නයක් මතු කළේය. 

මෙම තත්ත්වය මත ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් පෙනෙන්නට නැති බවද හෙතෙම අවධාරණය කරන ලදී.  

ඒ ගැන පොතක් ලිවීමේ වරදට තමන්ට ද පහර දෙන්නට වූ අතර තමන්ගේ මතය ප්‍රකශ කිරීමට හෝ ඉඩක් නොලැබුණු බවත් මාධ්‍ය ජුන්ටාව ක්‍රියාත්මක වූ බවත් ඔහු කියා සිටියේය. 

කෙසේවෙතත් රටේ දේශපාලනය හා අධිකරණය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු වන අතර එසේ නොවුණ හොත්  එය භයානක තත්ත්වයක් වන බව සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය. 

No comments:

Post a Comment

Post Bottom Ad