ගම්වල මිනිස්සු හිතන්නේ කොරෝනා පාලනය කලේ ජනාධිපති කියලයි.. කොරෝනා පාලනය වූයේ ජනතාව නිරෝධායනය වූ නිසයි.. රටේ වාසනාවටයි - ටිල්වින් සිල්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2020

ගම්වල මිනිස්සු හිතන්නේ කොරෝනා පාලනය කලේ ජනාධිපති කියලයි.. කොරෝනා පාලනය වූයේ ජනතාව නිරෝධායනය වූ නිසයි.. රටේ වාසනාවටයි - ටිල්වින් සිල්වා

කොරෝනා වෛරසය පාලනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යයි ගම්වල ජනතාව සිතාගෙන සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා පාලනය කිරීමේ ගෞරවය හිමි වන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට හා යුද හමුදාව පොලිසිය යන අංශවලට බවයි.
එමෙන්ම කාර්ය මණ්ඩලවල කැපවීම ඉවසා දරාගෙන ජනතාව නිරෝධාටයනය වූ නිසා රටේ වාසනාවකට කොරෝනා පාලනය වූ බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළ කළේ උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

නාවික හමුදාව කොරෝනා වෛරසයට ගොදුරු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදින් බවත් ශ්‍රී ලංකාවේ හමුදාව ගමරාළගේ වංගෙඩිය වගේ හැමදේටම යොදා ගන්නා බවත් එහිදී ඔහු සඳහන් කළේය.

ඇසට නොපෙනන වෛරසයක් එක්ක සටන් කිරීමට හමුදාවකට බැරි බවත් කී ඔහු තුවක්කුවලින් වෛරසයකට වෙඩි තැබිය නොහැකි බවද පැවසීය.

වෛරස් රෝග මැඬලීමට දන්නේ සෞඛ්‍ය අංශ පමණක්ම බවත් මේ බව දැන දැනම ජනාධිපතිවරයා හමුදාව කොරෝනා මැඩලන්න යොදවා ඔවුන් ආසාදිතයන් කලේ යයිද ඔහු චෝදනා කළේය.

මේ ආකාරයේ කිසිම වගකීමක් නැති රජයකට තුනෙන් දෙකේ බලයක් ලබා දුනහොත් සිදුවන දෙය සිතා ගැනීමට බැරි වනු ඇති බව ද කී ඔහු මේ වැරදි දැක දැක ආණ්ඩුවට ඡන්දය දුන්නොත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න කෙනෙක් නැතිව යනු ඇකැයිද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad