අපිට පාට දෙකයි - රංජිත් එජාපයට පිළිතුරු දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

අපිට පාට දෙකයි - රංජිත් එජාපයට පිළිතුරු දෙයි

අපිට පාට දෙකයි - රංජිත් එජාපයට පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂයට දැන් ගැටළුවක් ඇති වී තිබෙන්නේ කොළ පාට ප්‍රශ්නයක් බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

"එක එක දේවල් දාලා කකුලෙන් අදින්න හදනවා. කකුල් මාට්ටු දාන්න බැහැ අපිට. ඉස්සෙල්ලාම කිව්වා සමඟි ජන බලවේගයෙන් ඉල්ලන්න එපා ටෙලිෆෝන් එකෙන්. නඩුවක් දැම්මා නඩුව විසි කරලා දැම්මා. දැන් කියනවා කොළ පාට ගැන. මම හිතන්නේ මඩ ගෑවිච්ච කොළ පාට එතන තියෙනවා, පිරිසිදු කොළ පාට මෙතන තියෙනවා. ඉතින් අපි කොළ පාටයි, කහ පාටයි දෙකම. අපි කොළ පාට දැම්මේ අලියාගේ හිටපු බහුතරයක් ඉන්නේ මෙතන. කහ පාට දැම්මේ අද අපේ පක්ෂය තමයි සියලු ජාතින් නියෝජනය කරන පක්ෂය. මම අහනවා මොනවද මේ මොන්ටිසෝරි වැඩ. මේ මැතිවරණයක් වෙලාවේ පාටක් අල්ලාගෙන රණ්ඩු කරන්නත් යනවා. අන්තිමට ගහ කොළත් අපේ කියයි. මුස්ලිම් කොංග්‍රස් එක කහ පාටයි, කොළ පාටයි පාවිච්චි කරනකොට කට වහගෙන හිටියා. පාට නෙවෙයි ප්‍රශ්නේ. ජන්ද නැතිකම නිසා නොයෙකුත් දේවල් කරන්න හදනවා."

No comments:

Post a Comment

Post Bottom Ad