තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසම බාර නොගනී ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

තෙවරප්පෙරුම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කොමිසම බාර නොගනී !

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා වන අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ. නමුත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ පවතින නීතිය අනුව අපේක්ෂකත්වය ලබා ඇති අයෙකුට ඉන් ඉල්ලා අස් වීමට නොහැකි බවයි.
ඒ හේතුවෙන් එම ලිපිය භාර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් දැනුම් දී ඇත.

මේ හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට නොහැකි නිසා පෙරටත් වඩා වැඩි උනන්දුවකින් මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීමට නැවත තීරණය කළ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad