මාතර මන්ත්‍රී ධූර 7න් පොහොට්ටුව 6ක්ම ගන්නවා - මහින්ද යාපා අබේවර්ධන (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 9, 2020

මාතර මන්ත්‍රී ධූර 7න් පොහොට්ටුව 6ක්ම ගන්නවා - මහින්ද යාපා අබේවර්ධන (VIDEO)

මාතර මන්ත්‍රී ධූර 7න් පොහොට්ටුව 6ක්ම ගන්නවා - මහින්ද යාපා අබේවර්ධන (VIDEO)

පක්ෂයේම අය ඇන කොටා ගැනීම මනාප ක්‍රමයේ හැටි බව හිටපු අමාත්‍ය මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මාතර දිස්ත්‍රික්කයේ මනාප මත ඇති වි තිබෙන ගැටුම අනවශ්‍ය එකක් බව ඔහු පෙන්වා දෙයි.

එළඹෙන මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ ආසන 7න් 6ක්ම පොදුජන පෙරමුණ ලබා ගන්නා බවද ඔහු අවධාරණය කරයි.

පොදුජන පෙරමුණු සන්ධානයේ සභාපති ධුරය ලබා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව පෙන්වා දෙන ඔහූ සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම පිලිබඳ කිසිදු කැමැත්තක් තමාගේ නොමැති බවද සඳහන් කරයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා සමඟ හැප්පුන අපිට සිරිසේන මහතා කවුරු දැයි ඔහු ප්‍රශ්න කරයි.

ජේ.ආර්.ජයවර්ධන මහතා හා සසදන විට සිරිසේන මහතා නායකයෙක්ද කියන ප්‍රශ්නයක් පැන නගින බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad