බන්ධනාගාරයේ ඉහළ තනතුරුවල ලොකු වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 3, 2020

බන්ධනාගාරයේ ඉහළ තනතුරුවල ලොකු වෙනසක්

බන්ධනාගාරයේ ඉහළ තනතුරුවල ලොකු වෙනසක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සහ බන්ධනාගාර කොමසාරිස් - පාලන තනතුර ඉදිරියේදී වෙනස්වීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එම තනතුරු දෙක සදහා ඉකුත් යහපාලන රජය සමයේ පරිපාලන සේවයේ නිලධාරීන් දෙදෙනෙකු පත් කර තිබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග පෙරේදා පැවති සාකච්ඡාවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් කරන ලෙසටද බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඉල්ලීමක් කර තිබේ.

මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බන්ධනාගාරයේ කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඒ බන්ධනාගාරය තුළ සිට කි‍්‍රයාත්මක වන පාතාල කල්ලි මෙහෙයුම් සහ අපරාධ නතර කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නොහැකිවීම හේතුවෙනි. එබැවින් කඩිනමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සදහා නිලධාරියෙකු පත් කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. එම තනතුර සදහා මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් තනතුරේ රාජකාරී සිදුකරන තුෂාර උපුල්දෙණිය මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad