යාපනයේ දෙපිරිසක් තියුණු ආයුධ වලින් පහරදී ගනී : දෙදෙනෙකු රෝහලට - එක් අයෙකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

යාපනයේ දෙපිරිසක් තියුණු ආයුධ වලින් පහරදී ගනී : දෙදෙනෙකු රෝහලට - එක් අයෙකු අත්අඩංගුවට

යාපනයේ දෙපිරිසක් තියුණු ආයුධ වලින් පහරදී ගනී : දෙදෙනෙකු රෝහලට - එක් අයෙකු අත්අඩංගුවට

යාපනය කෝපායි පොලිස් වසමේ ඉරුපාලෙයි ප්‍රදේශයේදී ඊයේ (22) දින දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදීගැනීමකින් දෙදෙදෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉරුපාලෙයි මඩත්තඩි මන්සන්ධියේ පැවති අවමංගල්ය අවස්ථාවකදී තරුණයින් දෙපිරිසක් අතර බහින්බස් වීමක් ඇතිවීමෙන් පසුව එය දුරදිග යාමෙන් එක් අයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර එහිදී තුවාල සිදු වූ දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

තියුණු ආයුධ වලින් පහරදීම සිදු කල අයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad