කට පරෙස්සම් කර ගන්න - සජිත්ගෙන් ටෙලිෆෝන් අපේක්ෂකයන්ට තරවටුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

කට පරෙස්සම් කර ගන්න - සජිත්ගෙන් ටෙලිෆෝන් අපේක්ෂකයන්ට තරවටුවක්

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාට චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය සහ ඒ හරහා මතු වූ සමාජ කතාබහ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් ඊයේ (22) රාත්‍රී කැඳවා තිබිණි. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කර තිබෙන්නේ මැතිවරණ වේදිකාවේ අදහස් දැක්වීමේදී දැඩි සුපරික්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙසයි. විශේෂයෙන්ම ආගමික නායකයන් ඇතුළු සමාජයට බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී පරෙස්සම් වන ලෙසත්, ඔවුන් සම්බන්ධයෙන් නොසැලකිලිමත් ලෙස සිදුකරන ප්‍රකාශ හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරයට දැඩි අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවත් සමගි ජන බලවේගයේ නායකයා අවධාරණය කර තිබෙනවා.

එහිදී ඔහු පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිහිපත් කරමින් පවසා තිබෙන්නේ ජනාධිපතිවරණ වේදිකාවේදී තම පාර්ශ්වයේ ඇතැම් පුද්ගලයන් සිදුකළ වගකීම් විරහිත ප්‍රකාශ තමාගේ පරාජයට දැඩි බලපෑමක් වූ බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad