කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 25, 2020

කළුතර තරු හෝටල් වල නිරෝදායනය වන පිරිසකගේ ලොකු පාට් නිසා කොරෝනා අවදානමක් : වෛද්‍යවරුන් අනතුරු අගවයි

ලුතර දිස්ත්‍රික්කයේ මේ වනවිට තරු පන්තියේ හෝටල් තුළ නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී  සිට නිරෝධායනය පිරිසගෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට ජෛවපටල සාම්පල් ලබා ගැනීමේදී සහ නිරෝධායනයේදි ප්‍රමාණවත් සහයෝගයක් නොලැබෙන බවත් ,ඉදිරියට විදේශ රටවලින් පැමිණෙන පිරිස්  කොවිඩ් 19 වසංගතය දුරු කිරිමට  සහයෝගය නොලැබුණහොත් ඒ කටයුතු වලින් තම කාර්යය මණ්ඩලවලට ඉවත්වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

ඊයේ (24) මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා මෙසේද පැවසීය.

පසුගිය සති දෙක තුල කළුතර කොවිඩ් 19 ඒකකයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික්කය තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 4 ක නිරෝධායනය වන පිරිස අතරින් ජෛවපටල සාම්පල් 258 ක් ලබාගත් අතර එයින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව ප්‍රදේශයේ තරු පන්තියේ සංචාරක හෝටල් 03 ක විදේශ වලින් පැමිණි පිරිස් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන අතර බේරුවල ප්‍රදේශයේ එක් නිරෝධායන මධ්‍යස්ථානයක් බේරුවල ප්‍රදේශයේ කොවිඩ් 19 පාලනයට ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරියට සහභාගී වූ යුද  හමුදා සාමාජිකයන් 152 ක් වෙනුවෙන් පවත්වාගෙන ගිය අතර එම පිරිසෙන් අහඹු ලෙස තෝරාගත් 57 දෙනෙකුගේ  ජෛවපටල සාම්පල් ලබාගෙන පරීක්ෂා කිරීමේදී එම සියලු දෙනා කොරෝනා ආසාදිතයන් නොවන බවට හෙළිවීම නිසා එම පිරිස ඉදිරි කටයුතු සඳහා නිදහස් කර ඇත.

වාද්දුව ප්‍රදේශයේ හෝටල් වල රටවල් 07කින් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස් නිරෝධායනය වන බවත් එම කාලය තුල එම පිරිසේ ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කල බවත් ,එම කටයුතු සඳහා ඉමහත් කැපවීමකින් වෛද්‍ය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවත් , එසේ ශ්‍රී ලංකාවට පැමිණි සමහර පිරිස් කොවිඩ් 19 පාලනයට ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක නොකිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු වලට සහයෝගය නොදැක්වීම සිදුවන බවද,එම නිසා සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් 19 වසංඝතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට සහයෝගය අවශ්‍ය බවත්,ඉදිරියටත් විදේශ වලින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන  ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් සහයෝගය බලාපොරොත්තු වන බවත් ,එසේ සහයෝගය නොදීම තුලින් තම වෛද්‍ය කාර්ය මණ්ඩල අවධානමට පත්වන බවත් එසේ සහයෝගය නොලැබෙන්නේ නම් කොවිඩ් 19 වසංඝතය පාලනය කිරීමේ කටයුතු වල තවදුරටත් නිරත වන්නේ දැයි තීරණය කිරීමට සිදුවන බවත් කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ නිලධාරීන් ජෛවපටල සාම්පල් ලබා ගෙන පරීක්ෂා කිරීමේදී සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට තම කණ්ඩායම් වලට ඉතා ඉහල සහයෝගයක්  ලබා දුන් බවද එම නිසා දින 28 ක කාලයක් තුල කළුතර දිස්ත්‍රිකයේ කිසිම කොවිඩ් 19 ආසදිතයෙකු හමු නොවූ බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad