රාජිතගේ ගෝල බාලයෝ වෙල්ගම වටා කඳවුර බඳී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 25, 2020

රාජිතගේ ගෝල බාලයෝ වෙල්ගම වටා කඳවුර බඳී

රාජිතගේ ගෝල බාලයෝ වෙල්ගම වටා කඳවුර බඳී

හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතාගේ ගෝල බාලයින් මේ වන විට කුමාර වෙල්ගම මහතා වටා ඒකරාශි වෙමින් සිටින බව වාර්තා වෙයි.

මේ දෙදෙනාම මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයන් ලෙසය.

වෙල්ගම මහතාට ඉතා වාසිදායක මැතිවරණ කොට්ඨාස වන පස්දුන් කෝරළයේ මතුගම හා අගලවත්ත ආසන මෙන්ම දිස්ත්‍රික්කයේ ඉතිරි ආසන 06 තුළද මේ තත්ත්වය දැක ගැනීමට පිළිවන.

එළැඹෙන මහා මැතිවරණයේ දී වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ පළමු තැනට පැමිණෙනු ඇතැයි පක්ෂ - විපක්ෂ බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad