කොටගල තැබෑරුමක් කඩා අරක්කු තොගයක් සොරාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 4, 2020

කොටගල තැබෑරුමක් කඩා අරක්කු තොගයක් සොරාගෙන


ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී කොටගල නගරයේ තැබෑරුමක් අද (04) අළුයම කඩා අරක්කු තොගයක් සොරාගෙන- පොලීසිය පරීක්ෂණ පවත්වයි.

දිඹුල -පතන පොලිස් වසමට කොටගල නගරයේ ප්‍රධාන වීදියක පිහිටි තැබෑරුමක් ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී  04 දා අළුයම 01.30 ට පමණ  කඩා එහි තිබූ අරක්කු තොගයක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

මෙම තැබෑරුම පිහිටි ස්ථානය අසලින් ඇති අතුරු  මාර්ගයක් දිගේ අරක්කු බහා තිබූ පෙට්ටි තොගය සොරුන් විසින් රැගෙන ගොස් අසල පිහිටි නිවසක තාප්පයකින් ඇතලට තවත් පිරිසකට බාර දෙන අයුරු එම මාර්ගයේ සවිකර ඇති C.C.T.V. කැමරා පද්ධතියක සටහන්ව ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිඹුල-පතන පොලීසිය පුළුල් පරීක්ෂණයක්  ආරම්භ කර ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad