මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන් - ප්‍රදේශය කොළඹ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2020

මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන් - ප්‍රදේශය කොළඹ

මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන් - ප්‍රදේශය කොළඹ

රෝග විනිශ්චය සිදුකරන අවස්ථාවට දින 07 කට පෙර රෝගියා පදිංචිව සිටි ස්ථානය පිහිටි දිස්ත්‍රික්කය හෝ නිරෝධායන මධ්‍යස්ථානය සැලකිල්ලට ගනිමින් වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කරන දෛනික වාර්තාවට අනුව මෙරට වැඩිම ආසාදිතයන් පිරිසක් වර්තාවන්නේ නාවික හමුදාවෙන්.

එම ආසාදිතයින් සංඛ්‍යාව 367 ක්.

කොළඔ දිස්ත්‍රික්කයෙන් අද වන විට වාර්තා වී තිබෙන ආසාදිතයන් ගණන 150 ක්.

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතයන් මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ ඊයේ  පී.සී.ආර් පරික්ෂණයට ලක් කළද ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයෙන් පදිංචිව සිටි මියගිය කාන්තාව මසකට ආසන්න කාලයක් ශ්වසන රෝගයකින් පීඩා විඳ ඇති අතර ඇය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකින් ප්‍රතිකාරද ලබාගෙන තිබුණි. 

කෙසේවෙතත් එම කාන්තාව කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය බවට තහවුරු කරගැනිම හෙතුවෙන් ඇගේ ඥාතින් එදිනම පී.සි.ආර් පරික්ෂණයට ලක් කළේය.

එහිදි ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වි තිබේ.

එමෙන්ම කොවිඩ් 19 ආසාදිතයන් මියගිය කාන්තාගේ ආශ්‍රිතයන් මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේදි පෙරේදා පී.සී.ආර් පරික්ෂණයට ලක් කළ අතර ඔවුන් කිසිවකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව එහිදි තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයන් ගණන මේවන විට 800 ඉක්මවා ඇත.

ඒ අතර ආසාදිතයන් 17 දෙනකු ඊයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබූ ගණන 232 ක් බවට පත්ව තිබේ.

ජා-ඇල සුදුවැල්ල ප්‍රෙද්ශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භටයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය විමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට ඊයේ දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 489 ක්.

ඊට ඇතුළත් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන 400 ක් වේ.

එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 15 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 89 දෙනකු පමණයි.

කොවිඩ් 19 ආසාදිතයන් 29 දෙනකු ඊයේ දිනයේ හඳුනාගත් අතර ඒ අතරින් 24 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින්.

No comments:

Post a Comment

Post Bottom Ad