සුව වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 2, 2020

සුව වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

සුව වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසා සිටියහ.

ඉකුත් මාර්තු මස 17 වන දින කොරෝනා රෝගය වැළදීම නිසා මෙම පුද්ගලයා අංගොඩ IDH රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී කොරෝනා රෝගය සුවපත් වීම නිසා අප්‍රේල් මස 17 වන දින නැවත නිවසට යවා ඇත.

ඉන් අනතුරුව නිවසේ දී නිරෝධනය වෙමින් සිට ඇති හදවත් රෝගියකු වු මොහුට පපුවේ වේදනාවක් ඇති වීම නිසා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී එම රෝගියාට නැවත PCR පරීක්ෂණය සිදු කර ඇත.

එහිදී (02) අනාවරණය වී ඇත්තේ මොහුට නැවත කොරෝනා රෝගය ආසාදනය වී තිබෙන බවයි. අනතුරුව මොහුව වැඩිදුර ප්‍රතිකාර සදහා නැවත අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad