"දෝෂාභියෝග නෑ, විශ්වාසභංග නෑ - බිය නොවන්න, පාර්ලිමේන්තුව කැඳවන්න" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 21, 2020

"දෝෂාභියෝග නෑ, විශ්වාසභංග නෑ - බිය නොවන්න, පාර්ලිමේන්තුව කැඳවන්න"

විසිරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීම සඳහා කිසිදු බියක් හෝ සැකයක් තබා නොගන්නා ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් හෝ ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග ඉදිරිපත් නොකරන බවත් රටට අවශ්‍ය මුදල් රෙගුලාසි කොන්දේසි විරහිතව ඒකමතිකව සම්මත කර දෙන බවට තමන් සහතික වන බව සමගි ජන බලවේගයේ ද නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට ජූනි 20 වනදාට නියමිතව තිබූ මැතිවරණය පවතින වසංගත තත්වය හමුවේ එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) දැනුම් දුන්නේය. 

විසුරුවා තිබෙන පාර්ලිමේන්තුවක් යළි කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි ව තිබෙන්නේ ජනපතිවරයාටය.

No comments:

Post a Comment

Post Bottom Ad