මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ජයක් ලබනවා.. සිරිකොතට බලෙන් පැන රනිල් පන්නා එජාප බලය අල්ලා ගන්නවා - නලින් බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 20, 2020

මැතිවරණයෙන් අපි විශිෂ්ඨ ජයක් ලබනවා.. සිරිකොතට බලෙන් පැන රනිල් පන්නා එජාප බලය අල්ලා ගන්නවා - නලින් බණ්ඩාර

දිරි මහ මැතිවරණයේදී සමගි ජනබලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව එම පක්ෂයේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

එම විශිෂ්ඨ ජයග‍්‍රහණයෙන් පසු තම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂ බලය අල්ලා ගන්නා බව ඔහු පැවසීය.

ජන බලය සහිත පක්ෂය ලෙස මැතිවරණයෙන් පසු සිරිකොත ඇතුළු වන බව ඔහු කීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මීට පෙර සජිත් පිල විසින් කියා සිටියේ මැතිවරණයට පෙර රනිල් පන්නා දමා එජාපයේ බලය අල්ලන බවය.

එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස දැන් එජාපයේ නොවන නිසා ඔවුනට එජාපයේ කිසිම අයිතියක් නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad