භූමදාන කතා නිමයි.. ගල්කිස්සේ මැණික් ව්‍යාපරිකයා ආදාහනය කරයි.. පවුලේ අයද එකගයි - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

භූමදාන කතා නිමයි.. ගල්කිස්සේ මැණික් ව්‍යාපරිකයා ආදාහනය කරයි.. පවුලේ අයද එකගයි - (video)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් මෙරට හත්වැන්නාගේ දේහය පිලිබද අවසන් කටයුතු ඊයේ දිනයේදී සිදු කරන ලදී.

කොටිකාවත්ත උඩුමුල්ල ආදාහනාගාරයේදී මෙම දේහය අදාහනය කරන ලද්දේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනි.

ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට අනුව ඔහු ගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත සිදු කරන ලදී.

එම අවස්තාවට එක්වූ මහජන සෞඛ්‍ය පරීක්‍ෂණ නිලධාරින් කියා සිටියේ දේහය අදාහනය කිරීමට පවුලේ ඥාතීන්ද කැමැත්ත පල කල බවයි.

මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙකි.

කොරෝනා ආසාදනයෙන් මියයන ඉස්ලාම් ආගමිකයන් භූමදානය කිරීම සඳහා අවස්ථාව දිය යුතු බව පවසමින් මෑතකදී රට තුළ විවිධ පාර්ශව වලින් අදහස් මතුවිය.

නමුත් රජය විසින් දැඩිව තීන්දු කරනු ලද්දේ කිසිදු ආගමකට කිසිදු ජාතියකට විශේෂත්වයක් සිදු නොකර ජාත්‍යන්තර නිරෝධායන නීති සහ මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිර්දේශ මත අවසන් කටයුතු සිදු කිරීමටයි.


No comments:

Post a Comment

Post Bottom Ad