ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

ලෝකයටම කොරෝනා බෝකලා කියා ශ‍්‍රී ලංකාවේ සංවිධානයක් චීනයට විරුද්දව නඩු මගට !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

COVID -19 වෛරසය චීනයේ නොසැලකිල්ල නිසා ව්‍යප්තවූවාදැයි සොයා චීනයට එරෙහිව නීතිමය පියවර ගන්නවා.


කොරෝනා වෛරසය බිහිවූයේ චීනයේ වූහාන් නගරයේ බව සියලු ලෝක වාසීන් දන්නා කරුණකි. මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ බිහිවූවද එය චීනයේ අගනගරය වන බීජිං නුවරට ව්‍යාප්ත නොවී ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වෙමින් දරුණු වසංගත තත්වයක් බවට පත් වී කෝටි ගණන් ජනතාව පීඩා විදින ගැටලුවක් බවට පත් වූයේ කෙසේද? යන්න අප සංවිධානය නිරීක්ෂණය කරමින් සිටී.

මෙම වෛරසය සාර්ථක ලෙස චීනය පාලනය කර ගත්තේ නම් ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වන්නේ නැත. කෙසේ වෙතත් දැන් එම සිදුවීම සිදුවී අවසන්ය. යම් ආකාරයකින් චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ව්‍යාප්ත වූවානම් චීනය ලෝකයට වන්දි ගෙවීම අනිවාර්යයයෙන්ම කල යුතුය.

අප සංවිධානය සොයා බලමින් සිටින්නේ මෙම සිදුවීමේදී චීනය වරදක් කර ඇත්නම් චීනයට එරෙහි නෛතික ක්‍රියාමාර්ගය  ගන්නේ කෙසේද? යන්නයි.

ඒ අනුව අප සංවිධානය විසිනa පහත ක්‍රියාමාර්ගය  ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

01.COVID 19 වෛරසය බිහිවූයේ කුමන රටෙන්ද? එය බිහිවූයේ කෙසේද? හා මෙම වෛරසය චීනයේ වූහාන් නගරයේ සිට ලෝකයේ වෙනත් රටවලට ව්‍යාප්ත වූයේ කෙසේද? යන්න පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීම.

02. චීනයේ නොසැලකිල්ල නිසා මෙම වෛරසය ලෝකයට ව්‍යාප්ත වූයේ නම් චීන රජයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


No comments:

Post a Comment

Post Bottom Ad