කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘතයි - කාර්ය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 10, 2020

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘතයි - කාර්ය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘතයි - කාර්ය මණ්ඩලයේ 42ක් නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යළි විවෘත කර තිබේ.

කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ(09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

ඒ අනුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් නයින්ටීන් සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බවයි අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 42 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කර නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad