ඇමෙරිකාව ලෝකයක් ඉදිරියේ අසරණ වෙයි - අන්තිම පැය 24ට මරණ 2000ට ආසන්නයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 8, 2020

ඇමෙරිකාව ලෝකයක් ඉදිරියේ අසරණ වෙයි - අන්තිම පැය 24ට මරණ 2000ට ආසන්නයි

මෙතෙක් කලක් එක් දිනක් තුල කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන අමෙරිකාවෙන් වාර්තා වනවා. ඒ මරණ 1939ක් ලෙසයි.

ඒ අනූව ඇමෙරිකාවේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12,722ක් බවට පත්වී තිබෙනවා.
කෙසේ නමුත් මෙම මරණ ගණන ඉදිරි දිනවලදී තව දුරටත් වැඩිවන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවතින අර්බුධකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ඉවත්වී සිටිනවා.

ඔහු සෘජුව චෝදනා එල්ල කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයටයි. ඒ කොරෝනා වෛරසය සම්බන්ධව එරට සිදුවන මන්දගාමී වැඩපිළිවෙල හේතුවෙන්.

මේ අතර ඉතාලියේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති මරණ 17,127ක් වන අතර ස්පාඤ්ඤයේ මරණ 13,798ක් ලෙස සටහන් වී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad