යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 3, 2020

යාපනයෙන් තවත් කොරෝනා 03 දෙනෙක්.. තිදෙනාම ස්විස් දේවගැතිගේ පූජාවට සම්බන්ධ වූවන්.. එක් අයෙකු මෙරට ප්‍රධානියා

කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.
අදාල රෝගීන් තිදෙනාගෙන්  පළමුව එක් රෝගියෙකුත් අනතුරුව තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ අනුව යාපනය දිස්ත්‍රීක්කයෙන් හමුවූ මුලු රෝගීන් ගණණ 04 ක් වන අතරම එම රෝගීන් 04 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා පැවසුවේය.

මේ අතර ඊයේ (02) දින වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද තොරතුරු වාර්ථා වී ඇත.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර ඉන් හඳුනාගත් 50 කට අධික පිරිසක් හඳුනාගෙන පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad