“කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ - බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි" (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 12, 2020

“කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ - බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි" (VIDEO)

“කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ - බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි

නිරෝධායන සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක් ලෙස උපරිම ලෙස කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

හමුදාව විසින් අද දවසේ ද සිදුකරනු ලබන්නේ මානුෂීය මෙහෙයුමක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ අද දෙරණ ඔස්සේ විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ සජිවි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව මීට පෙරත් මානුෂීය මෙහෙයුමක් සිදු කර රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත්, අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම කාර්යක් බවත් යුදහමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින්ට වඩා වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් පැවසු ශවේන්‍ද්‍ර සිල්වා මහතා චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකල මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් පැවති බවත් කියා සිටියේය.

පිටරට සිට එම රටවල සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාත්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය මත ඔවුන්ට යම් ආකාරයක වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇතැයි ද පැවසු හමුදාපතිවරයා, ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් පැවසීය.

මානුෂීය මෙහෙයුම සිදු කර ආකාරයටම මෙම මෙහෙයුමේ දීත් යුද හමුදාව ක්‍රියා කරන බවද කියා සිටි හමුදාපතිවරයා, නමුත් සමාජයේ විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වන බවත් කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එක් පුද්ගලයෙක් “බෝතලයක් කපලා මාර කිරි වීඳුරුවක් දෙන්නේ“ යනුවෙන් සමාජ මාධ්‍යවල දමා තිබු බවත්, කිසි දිනක යුද හමුදාව “බෝතල් කපලා කෝපි දෙන හමුදාවක් නෙමෙයි“ යනුවෙන් ද මෙහිදි අවධාරනය කර සිටියේය.

ඇඳවල් 2000ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට සිදුවු බවත් ඒ මොහොතේ යුද හමුදාව සියලු දෙනා එක්ව ඒ දේ සිදු කරනු ලැබු බවත්, තමන්ගේ ඇඳ ලබා දී බිම නිදා ගන්න යුද සෙබළුන්ට එවැනි දේ පැවසීම සුදුසු නැතැයි ද යුදහමුදාපති වරයා පැවසීය.

එම වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad