ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණිම, ගංවතුර, නායයෑම් වැනි ස්භාවික විපත්වලදී අපේ රටේ ජනතාව සෑම භේදයක්ම පැත්තකට දාලා මනූෂ්‍යත්වයට මුල් තැන දීලා කටයුතු කරන්න පුරුදු වෙලා ඉන්නවා.
කොරෝනා වෛරසයත් දැන් ලංකාවට ඇවිත් අවසන්. මේ කාල සීමා තුළත් ෆේස්බුක් පුරාවටම අපේ රටේ මිනිස්සුන්ගේ මනූෂ්‍යත්වයේ උසස් ගුණාංග ගැන සිදුවීම් වාර්තා වී තිබුණා.
මෙම සිදුවීම වාර්තා වෙන්නේ අනුරාධපුරයෙන්.
ඇඳිරී නීතිය පනවා ඇති නිසා එදිනෙදා කුලී වැඩ කරලා කන්න බොන්න හොයා ගත්ත අසරණ ජනතාව තවත් අසරණ වෙලා ඉන්නවා. නමුත් කොරෝනා වෛරසය පාලනයට අැඳිරී නීතිය දැමීමටම සිදු වුණා. කුලී වැඩ කරලා ජීවත් වුණු අසරණ මිනිස්සු වෙනුවෙන් රටේ අනිත් පුරවැසියන්ට කළ හැකිව තිබුණු දේ කරන්නට එක් පුද්ගලයෙකු කටයුතු කර තිබුණේ පහත අයුරින්.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනිකුත් දේවල් මේසයක් මත තබා තමන්ට අවශ්‍ය දෙයක් තිබෙයි නම් රැගෙන යන ලෙස කුඩා දැන්වීමක් ද එතන පළ කර තිබුණේ තමන්ගේ ම අසරණව තිබූ ජනතාවට පිහිටක් වෙමින්.
No comments:
Post a Comment