කොවිඩ් 19 වෛරසය රියදුරා ඉකුත් 14 දින බ්‍රිතාන්‍යය ජාතිකයන් තිදෙනෙකු හැටන් කාසල්රි ප්‍රදේශයේ ප්‍රධාන සංචාරක බංගලාවකට ප්‍රවාහනය කර එදින සිට 17 දින දක්වා අදාල රියදුරා නොර්වුඩ් ප්‍රදේශයේ අදාල සංචාරක නිතේකනයේ දින තුනක් නතර වි සිට ඇත.
අදාල රියදුරා කොවිඩ් 19 වෛරසය වැලදි ඇති බවට සැක සිති රෝහල් ගත විමෙන් අනතුරුව එම රියදුරාව අංගොඩ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුට කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවට වෛද්‍යවරුන් විසින් තහවුරු කර ගැනිමෙන් අනතුරුව එම රියදුරා රැදි සිටි නොර්වුඩ් ප්‍රදේශයේ සංචාරක නිතේකනය මුද්‍රා තබා එම සංචාරක නිකේතනයේ හිමිකරුගේ ගරාජය සහ පවුලේ සමාජිකයන් දින 14 ක් නිරොධනයට ලක් කිරිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාව කටයුතු කලහ.
නොර්වුඩ් ප්‍රදෙශයේ අදාල සංචාරක නිකේතනය නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවත්, සංචාරක නිකේතනය මුද්‍රා තැබිමට ගිය අවස්තාවේ එහි හිමිකරු මුඛ ආවරණයක්වත් පැලද නොසිටි බව නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවෙල් මහතා පවසයි.
මේ අතර කාසල්රි ප්‍රදේශයේ සංචාරයට පැමිණි බ්‍රිතාන්‍යය ජාතිකයන් තිදෙනා මේ වන විට රටින් බැහැරව ගොස් ඇති අතර, ඔහුන් රැදි සිටි හැටන් කාසල්රි ප්‍රදේශයේ සංචාරක බංගලාව මුද්‍රා තබා එහි කාර්යය මණ්ඩලයද ස්වයං නිරොධානයකට යොමු කිරිමට සෞඛ්‍යය අංශ කටයුතු කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment